දකුණු ඕස්ට්‍රේලියානු වැසියන් සඳහා අනෙකුත් ප්‍රාන්ත වලින් පනවා ඇති නවතම දේශ සීමා නීති මෙසේය​.

දකුණු ඕස්ට්‍රේලියානු වැසියන් සඳහා අනෙකුත් ප්‍රාන්ත වලින් පනවා ඇති නවතම දේශ සීමා නීති මෙසේය​.

QLD, NT, Tasmania and WA borders now shut to SA.

ඇඩිලේඩ් හි උතුරු තදාසන්න ප්‍රදේශවල වර්ධනය වන COVID-19 පොකුර හේතුවෙන් දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන් සඳහා අනෙකුත් ප්‍රාන්ත දේශ සීමා පිළිබඳ විවිධ වෙනස්කම් සිදු කර ඇත​.  එක් එක් ප්‍රාන්තයන් ගත් පියවරයන් මෙසේය​.

දකුණු ඕස්ට්‍රේලියාවෙන් පැමිණෙන සංචාරකයින් හට තම දේශ සීමාවන් වසා දැමූ නවතම රාජ්‍යය බවට ක්වීන්ස්ලන්තය පත්ව තිබේ. සඳුදා රාත්‍රී 11.50 සිට ඇඩිලේඩ් COVID-19 hotspot එකක් ලෙස සලකන බව ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk ප්‍රකාශ කර තිබේ.

දකුණු ඕස්ට්‍රේලියාවේ සිට උතුරු ප්‍රාන්තය (NT) වෙත පැමිණෙන අය පැමිණීමෙන් පසු සති දෙකක කාලයක් අධීක්ෂණ ස්ථානයක ස්වයං හුදෙකලා විය යුතුය.

ටස්මේනියාව දකුණු ඕස්ට්‍රේලියාවෙන් පැමිණෙන අයට අනිවාර්ය නිරෝධායනයක් ද පනවා තිබේ. පසුගිය සඳුදා සිට දකුණු ඕස්ට්‍රේලියාවේ සිට ටස්මේනියාවට ඇතුළු වූ ඕනෑම අයෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා වීම අවශ්‍ය වේ.

බටහිර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Mark McGowan දකුණු ඕස්ට්‍රේලියාවේ සිට තම ප්‍රාන්තයට ඇතුළු වන සංචාරකයින්ට දින 14 ක අනිවාර්ය නිරෝධායනයක් ඉරිදා(15/11) නියම කළේය. සමහර සංචාරකයින්ට පර්ත් නුවරට පැමිණෙන විට ස්වයං හුදෙකලා වීමට සිදුවන බව පවසා තිබුණි.

වික්ටෝරියානු අගමැති Daniel Andrews සඳුදා නිවේදනය කළේ දකුණු ඕස්ට්‍රේලියානුවන්ට දේශ සීමාව හරහා පැමිණෙන විට සම්මුඛ පරීක්ෂණයකට සහභාගී විය යුතු බවයි. එවිට බලධාරීන් විසින් සංචාරකයින් කොරෝනා පරීක්ෂණවලට භාජනය කර​ ඔවුන්ගේ ප්‍රතිඵල ලැබෙන තෙක් හුදෙකලා වීමට කටයුතු කරනු ලැබේ.

නිව් සවුත් වේල්ස් අගමැති Gladys Berejiklian පවසන්නේ දකුණු ඕස්ට්‍රේලියාව සමඟ ඇගේ ප්‍රාන්තයේ දේශ සීමාව මේ වන විට විවෘතව පවතින නමුත් බලධාරීන් විසින් තත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරනු ඇති බවයි.

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

හොංකොං සිට මෙල්බන් පැමිණි යුවළක් කරපු හොර වැඩේ

හොංකොන් සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තොටුපල වෙත රහසිගතව ජීවී මත්සයින් 100ක් අවස්ථා දෙකකදී රැගෙන එමට උත්සහ කල යුවළකට දඩ නියම කර තිබෙනවා.

Read More »

පෙට්‍රල් මිල වාර්තා ගත ඉහළ අගයක් දක්වා ළඟාවෙයි

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම සහ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වාර්තා ගත ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

Read More »

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »