සයිබර් ප්‍රහාරවලින් බේරෙන්න අගමැතිගෙන් විනාඩි 05 ක විසඳුමක්

සයිබර් ප්‍රහාරවලින් බේරීමට දිනකට එක් වරක් හෝ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර නැවත පණ ගන්වන්නැයි (restart) අගමැති ඇන්තනී ඇල්බනීස් ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දෙනවා.

එමගින් සයිබර් අපරාධකරුවන්ට අනවසර පිවිසීම් සඳහා ඇති ඉඩකඩ අවම වන බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

මෙය සයිබර් ප්‍රහාරවලින් වැළකීම සඳහා ස්ථිර විසඳුමක් නොවන නමුත් නිරතුරුව සිදු කිරීමෙන් යම්තාක් ප්‍රථිඵල අත්කර ගත හැකි බවයි ඇන්තනී ඇල්බනීස් අවධාරණය කලේ.

දිනපතා රාත්‍රියේ විනාඩි 05 ක කාලයකට මෙලෙස ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තබන්නැයි අගමැතිවරයා සියලුම ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

සයිබර් අපරාධකරුවන්ගේ වැඩිම ඉලක්කය සහිත රටක් ලෙසයි ඔස්ට්‍රේලියාව සැළකෙන්නේ.

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් ටැනා දූපතේ අතරමං වෙයි

එයාර් වනුවාටු ගුවන් සේවයේ ගමන් අත්හිටුවීම හේතුවෙන් හයිව් රොටරි ක්ලබ්හි ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් ටැනා දූපතේ අතරමංවී ඇතැයි වාර්තා වනවා.

Read More »

රුසියානු යුක්රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකිකයන් ගැන දුක හිතෙන කතාවක්

රුසියානු යුක්රේන යුද්ධයේදී කුලී හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Small Business Champions සම්මාන උලළේ අවසන් 7 දෙනා අතරට ශ්‍රී ලාංකීය සමාගමක්

ඔස්ට්‍රේලියන් Small Business Champions සම්මාන උලළේදී හොදම Food manufacturing company ඛාණ්ඩයේ අවසන් 7 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකික හිමිකාරිත්වය සහිත සමාගමකට හැකි වී තිබෙනවා.

Read More »