NSW තාවකාලික ගුරුවරුන් 10,000 ක් ස්ථිර කිරීම ඇරඹෙයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රාථමික පාසල්වල තාවකාලික ගුරුවරුන් 1,400 ක් පමණ 03 වන වාරය අවසානය වනවිට ස්ථිර කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය ප්‍රාන්ත මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව මෙම තීරණය ක්‍රියාවට නැංවෙනු ඇති.

මේ දැනට තාවකාලික පදනමින් සිටින වහා ස්ථිර කල යුතු ප්‍රමුඛතා ගුරුවරුන් නම් කර එවන්නැයි නිවු සවුත් වේල්ස් පාසල් 250 ක විදුහල්පතිවරුන් වෙත ලිඛිතව දැනුම් දීමටයි ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ.

එකම පාසලෙහි අවම වශයෙන් වසර 03 ක් හෝ තාවකාලික පදනමින් සේවය කර ඇති ගුරුවරුන්ට මෙම අවස්ථාව උදාවනවා.

ප්‍රාන්ත මැතිවරණය ජයගතහොත් තාවකාලික ගුරුවරුන් 10,000 ක් ස්ථිර කරන බවට ලේබර් පක්ෂය ලබාදුන් මැතිවරණ පොරොන්දුවකට අනුවයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබන්නේ.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »