සබ්මැරීන සිදුවීමත් සමග වීඩියෝ ක්‍රීඩාවක අලෙවියේ සීඝ්‍ර වැඩිවීමක්

ටයිටන් සබ්මැරීනය අතුරුදන්වීමේ සිදුවීමත් සමග සබ්මැරීන් වීඩියෝ ක්‍රීඩාවක අලෙවියේ සීඝ්‍ර වැඩි වීමක් වාර්තා කර තිබෙනවා.

ත්‍රාසජනක තේමාවක් සහිත Iron Lung නම් වීඩියෝ ක්‍රීඩාවයි මෙලෙස කැපී පෙනෙන අලෙවියක් සටහන් කර ඇත්තේ.

සබ්මැරීනය අතුරුදන්ව පැවති කාලසීමාවට අයත් පසුගිය සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින 04 තුළ එය සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

Iron Lung වීඩියෝ ක්‍රීඩාව පසුගිය 2022 වසරේ පළමුවරට හඳුන්වා දී තිබුණා.

https://www.usatoday.com/story/tech/gaming/2023/06/22/developer-iron-lung-video-game-sales-increase-titan-sub-search/70348565007/

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »

ඔලිම්පික් ඉතිහාසයට නව පිටුවක් එක් කළ ශ්‍රී ලාංකිකයා

ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.

Read More »