අපරාධ ජාවාරම් සඳහා Student වීසා මත ව්‍යාජ සිසුන් ඔස්ට්‍රේලියාවට

ප්‍රධාන පෙළේ අපරාධකරුවන් විසින් සිය ජාවාරම් පවත්වාගෙන යාම සඳහා ශිෂ්‍ය වීසා මත ව්‍යාජ සිසුන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නා බව අනාවරණය වී තිබෙනවා.

ඉන් සැළකිය යුතු පිරිසක් ලිංගික ජාවාරම් සඳහා යොදා ගැනෙන බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

කුඩා පාඨමාලා සඳහා මෙම ව්‍යාජ සිසුන් යොදවා ශිෂ්‍ය කාලයේදී මෙන්ම අනතුරුව රැකියා වීසා හරහාද සිය ව්‍යාපාර කටයුතුවල ඔවුන් යෙදවීමයි මෙහිදී සිදුවන්නේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ලබාදෙනුයේ සැබෑ ලෙසම උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන්නන්ටද යන්න විමසා බැලීම අත්‍යවශ්‍ය යන්න මෙමගින් අවධාරණය කෙරෙන බවද අදාළ වාර්තාවේ සඳහන්.

ලබන ජූලි පළමුවනදා සිට මෙරට ශිෂ්‍ය වීසා නීති කිහිපයක් දැඩි කිරීමටද නියමිතයි.

https://www.theage.com.au/politics/federal/fake-schools-fake-students-criminals-make-mockery-of-education-visas-20230419-p5d1mw.html

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

සිඩ්නි සහ බ්‍රිස්බේන් ගුවන්තොටුපලවලින් මගීන්ට දැනුම්දීමක්

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවයේ ගුවන් ගමන් අවලංගු කිරීම හමුවේ එම ගුවන් යානාවල ආසන වෙන් කර ගත් මගීන්ට අද සහ හෙට ගුවන් තොටුපළට නොයන ලෙසට බ්‍රිස්බේන් සහ සිඩ්නි ගුවන් තොටුපළ දැනුම්දී තිබෙනවා.

Read More »