ඇඩිලේඩ් හි උතුරු තදාසන්න ප්‍රදේශයේ කොරෝනා වයිරස් පොකුරට සම්බන්ධ නව ආසාදිතයින් 17 ක්!

ඇඩිලේඩ් හි උතුරු තදාසන්න ප්‍රදේශයේ කොරෝනා වයිරස් පොකුරට සම්බන්ධ නව ආසාදිතයින් 17 ක්!

Seventeen new cases linked to Adelaide northern suburbs coronavirus cluster.

දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරි පවසන්නේ ඇඩිලේඩ් හි උතුරු තදාසන්න ප්‍රදේශයේ වාර්තා වූ පොකුර සමඟ මේ වන විට කොරෝනා වයිරස් රෝගීන් 17 ක් සම්බන්ධ වී ඇති බවයි.

මෙම කොරෝනා ආසාදිතයින් ඊයේ ප්‍රකාශයට පත් කළ  ආසාදිතයින් 4 දෙනාට​ සම්බන්ධයි.

Nicola Spurrier පැවසුවේ Port Adelaide හි Hungry Jack’s අවන්හල​ වසා දමා ඇත්තේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ආසාදිතයින් අතර සිටි නිසාය​.

Mawson Lakes ප්‍රාථමික සහ පෙර පාසල් සහ Parafield Plaza සුපිරි වෙළඳසැල ද වසා දමා ඇත.

Salisbury Downs හි Thomas More විද්‍යාලය ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම​ හේතුවෙන් අද එය වසා දමන බව නිවේදනය කළේය.

SA අගමැති Steven Marshall කියා සිටියේ මෙම සිද්ධීන් හා සම්බන්ධ සිය ගණනක් දෙනා දැන් හුදෙකලා වී සිටින බවයි.

(ABCNews)

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »