චාර්ලට් සහ ඔලිවර් ඔස්ට්‍රේලියාවේ අංක 01 ට

2022 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ උපත ලැබූ දරුවන් අතුරින් වැඩිම පිරිසකට තබන ලද නාමයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය වසරේදී උපත ලැබූ ඔස්ට්‍රේලියානු දැරියන් වැඩිම පිරිසකට යොදා ඇති නාමය වන්නේ චාර්ලට් (Charlotte) යන්නයි.

1,394 දෙනෙකුට එම නාමය යොදා ඇති අතර දෙවන ස්ථානයට අමේලියා (Amelia) යන නාමය පත්ව ඇත්තේ 1,374 දෙනෙකුට යෙදීමත් සමගයි.

ඉස්ලා (Isla) 03 වන ස්ථානයටත් ඔලිවියා (Olivia) 04 වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

පිරිමි ළමුන් අතර ඉහළම ජනප්‍රියත්වයට පත්ව ඇති නාමය වන්නේ ඔලිවර් (Oliver) යන්නයි.

2,276 දෙනෙකුට එම නාමය යොදා ඇති අතර – නෝආ (Noah) යන නාමය 1,896 දෙනෙකුටත් ලියෝ (Leo) යන නාමය 1,506 දෙනෙකුටත් යොදා තිබෙනවා.

විලියම් යන නාමය 04 වන ස්ථානයටත් – හෙන්රි යන නාමය 1,360 දෙනෙකුටත් – ජැක් යන නාමය 1,323 දෙනෙකුටත් යොදා ඇති බව සඳහන්.

මෙම සමීක්ෂණය සිදුකර ඇති ආයතනය පවසන්නේ වත්මන් ඔස්ට්‍රේලියානු දෙමව්පියන් සම්ප්‍රදායික නම් තරමක් නව්‍යකරණයට ලක් කර අලුත උපදින දරුවන් වෙනුවෙන් යෙදීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි.

Most popular girl names for 2023

1. Charlotte – 1,394
2. Amelia – 1,374
3. Isla – 1,355
4. Olivia – 1,271
5. Mia – 1,178
6. Ava – 1,097
7. Matilda – 1,054
8. Ella – 1,030
9. Grace – 1,002
10. Willow – 993

Most popular boy names for 2023

1. Oliver – 2,276
2. Noah – 1,896
3. Leo – 1,506
4. William – 1,368
5. Henry – 1,360
6. Jack – 1,323
7. Theodore – 1,313
8. Hudson – 1,231
9. Charlie – 1,230
10. Luca – 1,131

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »