නීති විරෝධී e-දුම්වැටි වැටලීමට දකුණු ඔස්ට්‍රේලියාවේ මාස 02 ක්

නීති විරෝධී ඉලෙක්ට්‍රොනික දුම්වැටි වැටලීම සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් මාස 02 ක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අහඹු ලෙස තෝරාගන්නා සිල්ලර වෙළඳසැල් මෙහිදී පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.

කිසියම් ස්ථානයක අනවසර e-දුම්වැටි අලෙවි කරන බවට තහවුරු කරගතහොත් ඩොලර් 10,000 ක දඩයක් පැණවෙනු ඇති.

ඔස්ට්‍රේලියානු නීතියට අනුව e-දුම්වැටි තුළ නිකොටීන් අඩංගු කල හැකි වන්නේ නැහැ.

ඒ අනුව නිකොටීන් අඩංගු e-දුම්වැටි වැටලීමයි මෙම මාස 02 ක කාලයේදී අපේක්ෂිත ප්‍රධාන අරමුණ වන්නේ.