ප්‍රධාන නගරවල කුළී නිවාස 44% ක කුළිය 10% කින් ඉහළට

ප්‍රධාන නගරවල කුළී නිවාස අතුරින් සියයට 44 ක පමණ කුළිය පසුගිය වසරට වඩා සියයට 10 කින් පමණ ඉහළගොස් තිබෙනවා.

සංක්‍රමණිකයන්ගේ සහ විදෙස් සිසුන්ගේ පැමිණීම් ඉහළයාම හමුවේ නිර්මාණය වී ඇති අධික ඉල්ලුම මීට ප්‍රධාන හේතුවයි.

සෑම මාසයකදීම පෙර මාසයට වඩා සියයට 01 කින් පමණ නිවාස කුළී අගයන් ඉහළ ගොස් ඇති බවයි මෑතකදී සිදුකර ඇති සමීක්ෂණයක දැක්වෙන්නේ.

නිවාස ඒකක (unit) සැළකීමේදී මේ වනවිට වැඩිම අගයන් සටහන් වන්නේ සිඩ්නි නගරයේ වන අතර අඩුම කුළිය වාර්තා වන්නේ ඇඩිලේඩ් නගරයෙනුයි.

කෙසේවෙතත් නිවාස සැළකීමේදී ඉහළම වටිනාකම සටහන් වන්නේ කැන්බරා නගරයේ යි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »