උමං මාර්ග අවහිර කරන රියදුරන්ට $ 4,097 ක ස්ථානීය දඩයක්

උමං මාර්ග තුළ නියමිත උසට වඩා වැඩි ට්‍රක් රථ ධාවනය කරන රියදුරන්ට ඩොලර් 4,097 ක ස්ථානීය දඩයක් පැණවීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඊට අමතරව රියදුරු බලපත්‍රය සහ ට්‍රක් රථයේ ලියාපදිංචිය මාස 06 කට අත්හිටුවීම ද සිදු කෙරෙනු ඇති.

සිඩ්නි නගරයේ උමං මාර්ගවලදී මෑතකාලීනව ට්‍රක් රථ සිරවීම් හමුවේ පැය කිහිපයක් පුරා රථවාහන තදබද හටගැනීමේ සිදුවීම් සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

රියදුරන් ඉතා සුලු පිරිසක් පමණක් මෙවැනි නොසැළකිලිමත් ආකාරයෙන් රථවාහන ධාවනය කරන බවත් ඔවුන් කිසියම් දඩුවමකට ලක්විය යුතු බවත් නිවු සවුත් වේල්ස් මාර්ග ඇමති ජෝන් ග්‍රැහැම් අවධාරණය කරනවා.

දිගින් දිගටම මෙවැනි වැරදි සිදුකරන ට්‍රක් රථ අයත් සමාගම් සම්බන්ධයෙන්ද පියවර ගන්නා බවටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සහතික වන්නේ.

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »