ධනුෂ්ක වරද පිළි නොගනී – නඩු විභාගය අඛණ්ඩව

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර අධිකරණයක් ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඔහුට එරෙහි නඩු විභාගය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසයි අධිකරණය නියම කර ඇත්තේ.

කිසියම් අයුරකින් වරද පිළිගත්තේ නම් ධනුෂ්කට නුදුරු දිනයකදී දඩුවම් නියම කිරීමටයි නියමිත වූයේ.

පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් තරුණියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයාට එරෙහිව පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කෙරුණා.

පසුගිය නඩු වාරයේදී එයින් චෝදනා 03 ක් ඉවත් කර ගැනීමටයි ඔස්ටේ්‍රලියානු විමර්ශන අංශ පියවර ගත්තේ.

කෙසේවෙතත් අනෙක් පාර්ශවයේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල යෙදීම යන චෝදනාව ඔහුට එරෙහිව තවදුරටත් පවතිනවා.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »