පළමු දිනයේදී ඔස්ට්‍රේලියානු පිතිකරුවන් ඉදිරියෙන්

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසාන මහා තරගයේදී ඔස්ට්‍රේලියානු පිතිකරුවන් ඉහළ දක්ෂතා දක්වා තිබෙනවා.

පළමු ඉණිම සඳහා ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ඔවුන් ඊයේ දිනය නිමාවන විට කඩුලු 03 ක් දැවි ලබාසිටි ළකුණු සංඛ්‍යාව 327 ක්.

ට්‍රැවිස් හෙඩ් ළකුණු 146 ක්ද ස්ටීවන් ස්මිත් ළකුණු 95 ක් ද ලබා නොදැවී ක්‍රීඩා කරමින් සිටිනවා.

ඩේවිඩ් වෝනර් 43 කට දැවී ගියා.

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ දෙවන දිනය අදයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »