ව්‍යාජ වට්ටම් දුන් Dell ඔස්ට්‍රේලියා වරද පිළිගනී

ව්‍යාජ වට්ටම් දීම සම්බන්ධයෙන් සුප්‍රකට පරිඝණක සමාගමක් වන Dell ආයතනයේ ඔස්ට්‍රේලියා ශාඛාව වරද පිළිගෙන තිබෙනවා.

ඒ අනුව වැඩිපුර අයකෙරුණු මුදල් නැවතත් පාරිභෝගිකයන්ට ලබාදෙන බවටයි ඔවුන් පොරොන්දුවී ඇත්තේ.

වෙබ් අඩවිය තුළ ප්‍රදර්ශනය කෙරුණු පරිඝණක උපාංගවල ව්‍යාජ මිළ ගණන් දක්වා ඇති බවට Dell ඔස්ට්‍රේලියා ශාඛාවට මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.

එම නිෂ්පාදන වට්ටම් සහිතව අඩු මිළ ගණන් යටතේ අලෙවි කරන බව පැවසුවද වෙළඳපොළේ සැබෑ මිළ ගණන් ඊට වඩා විශාල වශයෙන් අඩු මට්ටමක පවතින බවයි පාරිභෝගික කොමිසම විසින් අනාවරණය කරගෙන ඇත්තේ.

පාරිභෝගිකයන් 4,250 දෙනෙකු පමණ මෙම වංචාවට හසුවී ඇති අතර ඔවුන්ට ඩොලර් මිලියන 02 ක පමණ මුදලක් වන්දි ලෙස ආපසු ගෙවීමටයි Dell පරිඝණක සමාගම පොරොන්දුවී ඇත්තේ.

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »