අද දින වික්ටෝරියා ප්‍රාන්තයේ සමහර ප්‍රදේශයන්ට ගිගුරුම් සහිත වැසි! ඇදුම රෝගීන්ට අනතුරු ඇඟවීම්!

 අද දින වික්ටෝරියා ප්‍රාන්තයේ සමහර ප්‍රදේශයන්ට ගිගුරුම් සහිත වැසි! ඇදුම රෝගීන්ට අනතුරු ඇඟවීම්!

Thunderstorm asthma conditions to strike Melbourne, regional Victoria

ඉදිරියේදී ඇති විය හැකි භයානක කාලගුණය හේතුවෙන් වික්ටෝරියා හි සමහර ප්‍රදේශවල ඇදුම රෝගීන් ගෘහස්ථව රැඳී සිටින ලෙසට අනතුරු අඟවා ඇත.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් හි අවදානම් ප්‍රදේශ​ ලැයිස්තුගත කර ඇති අතර ප්‍රාන්තයේ උතුරු හා බටහිර ප්‍රදේශවල දැඩි අවධාන ප්‍රදේශ ලෙස හඳුන්වා ඇත​.

නිරිතදිග, Wimmera, Mallee සහ උතුරු ප්‍රදේශයන් හි වෙසෙන​ ඇදුම රෝගීන් හට අවදානම ඉහළ මට්ටමක පවතින බව පවසා ඇති අතර හැකි සෑම විටම ඔවුන් ගෘහස්ථව සිටිය යුතුය.

මෙල්බර්න්, උතුරු මැද හා බටහිර සහ දකුණු ගිප්ස්ලන්ඩ් හි අය මධ්‍යස්ථ අවදානමක් ඇති අතර ඊසානදිග හා නැගෙනහිර ගිප්ස්ලන්ඩ් හි සිටින අය අඩු අවදානමක් ඇත.

මෙම අහිතකර කාලගුණික තත්වය හේතුවෙන් අධික සුලං තත්වයක් බලාපොරොත්තු වන බව සඳහන් වන අතර මේ නිසා මල් පරාග විශාල ප්‍රමාණයක් විසිරී යන අතර එය ඇදුම හෝ hay fever ඇති අයට බරපතල ලෙස​ බලපායි. විශේෂයෙන් ඇදුම රෝගීන් සඳහා එය මාරාන්තික විය හැකිය.

වැඩි විස්තර​: Loading Tweet

 

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »