අවුරුදු 31 ට අඩු 3,000 කට වසර 02 ක ඔස්ට්‍රේලියා රැකියා වීසා

තරුණ ඉන්දියානු වෘත්තිකයන් 3,000 කට රැකියා වීසා බලපත් පිරිනැමීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

දෙරටෙහි අග්‍රාමාත්‍යවරුන් අතර පසුගියදා අත්සන් තබන ලද එකගතා ගිවිසුමට අනුවයි ක්ෂේත්‍ර 07 ක වෘත්තිකයන්ට මෙම වීසා බලපත් පිරිනැමෙන්නේ.

ඒ අනුව ඉංජිනේරු – තොරතුරු තාක්ෂණ – කෘත්‍රීම බුද්ධිය – මූල්‍ය – බලශක්ති – කෘෂිකර්ම සහ පතල් යන කර්මාන්තවල නිපුණතා ශ්‍රමිකයන්ට මෙලෙස ඔස්ට්‍රේලියාව තුළ රැකියා කිරීම සඳහා වසර 02 ක වීසා බලපත්‍රයක් නිකුත් කෙරෙනු ඇති.

ඉන්දීය සරසවියකින් අදාළ ක්ෂේත්‍රවල උපාධියක් ලබාගෙන ඇති වයස අවුරුදු 31 ට අඩු ඉන්දීය ජාතිකයන්ට පමණක් මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම්කල හැකි වනවා.

මෙය ඔස්ට්‍රේලියානු ස්ථිර සංක්‍රමණ වැඩපිළිවෙලට අයත් නොවන විශේෂ වීසා කාණ්ඩයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

source : https://www.sbs.com.au/language/hindi/en/article/australian-migration-update-new-temporary-visa-for-3-000-young-indian-professionals/hs8rju0h1

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »