වික්ටෝරියානු පොදු වැසිකිළිවල කැමරා සවි කර පුද්ගලයා CIU රහස් පරීක්ෂකයින් විසින් සොයා ගැනේ.

වික්ටෝරියානු පොදු වැසිකිළිවල කැමරා සවි කර පුද්ගලයා CIU රහස් පරීක්ෂකයින් විසින් සොයා ගැනේ.

Portland man charged after cameras found in Victorian public toilets.

වික්ටෝරියා හි පොදු නාන කාමරවල කැමරා සවි කර එහි පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකු රූගත කල​ බවට චෝදනා ලැබ Portland ප්‍රදේශයේ පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

මෙම පුද්ගලයා ජනවාරි මාසයේ සිට Portland ප්‍රදේශයේ පොදු වැසිකිළි හා නාන කාමරවලට මෙලෙස කැමරා සවි කර එහි පැමිණි පුද්ගලයින්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ව​ රූගත කළ බවට පොලිසිය චෝදනා කරයි.

බ්‍රහස්පතින්දා(5/11) CIU හි රහස් පරීක්ෂකයින් මෙම පුද්ගලයාගේ නිවසේදී සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කළේය. එහිදී ඔහුට අයිති ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි සමීප රූප අඩංගු යැයි කියනු ලැබේ.

38 හැවිරිදි මෙම පුද්ගලයා සම්මුඛ පරීක්ෂණයට ලක් කර ඇති අතර ඔහුට චෝදනා 147 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ඔහුට 2021 මාර්තු 2 වන දින Portland මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට ඇප ලබා දී තිබේ.

(Story:7News) (Image: Adelaide Now)

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »