ධනුෂ්කට එරෙහි චෝදනා 04 න් 03 ක් ඉවතට

සිඩ්නි නුවරදී තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොණුකල චෝදනා 04 න් 03 ක් ඉවත දමා තිබෙනවා.

කෙසේවෙතත් එක් චෝදනාවක් තවදුරටත් පවත්වාගෙන යන බවයි රජයේ නීතීඥයන් නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී දන්වා සිටියේ.

පන්දුවාර 20 ලෝක කුසලානය පැවති සමයේ පසුගිය වසරේ නොවැම්බර් 02 වනදා මෙම අතවරය සිදුව තිබූ අතර ඒ අනුව ධනුෂ්ක ගුණතිලක නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිස් නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ නොවැම්බර් 06 වනදායි.

32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක සහ 29 හැවිරිදි අදාළ තරුණිය සමාජ මාධ්‍ය ජාලයක් හරහා හඳුනාගෙන තිබූ බව සඳහන්.

නඩුව වැඩිදුර විභාගය ලබන ජූලි 13 වනදා දක්වා කල් දමනු ලැබුවා.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව මේ වනවිට පූර්ණ ක්‍රිකට් තහනමක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පණවනු ලැබ තිබෙනවා.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »