ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ ප්‍රවාහනයට ත්‍රී රෝද රථත් එයි

ඔස්ට්‍රේලියාව තුළ භාණ්ඩ ප්‍රවාහනය සඳහා විද්‍යුත් ත්‍රී රෝද රථ හඳුන්වාදීමට IKEA වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

පළමුවෙන් සිඩ්නි නගරය තුළ භාණ්ඩ බෙදා හැරීම සඳහායි ඒවා යොදා ගැනීමට නියමිතව ඇත්තේ.

පළමු අධියරේදී වෙළඳසැලේ සිට කිලෝමීටර් 10 ක වපසරිය තුළ කිලෝ ග්‍රෑම් 500 ක උපරිම බරකින් යුත් භාණ්ඩ ප්‍රවාහනයට සැළසුම් කර තිබෙනවා.

අද ආරම්භ කෙරුණු මෙම අත්හදා බැලීමේ වැඩපිළිවෙල මාස 03 ක් පුරා එනම් අගෝස්තු 16 වනදා දක්වා සිදුකෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියාව තුළ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ත්‍රී රෝද රථ යොදාගන්නා පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයක්.

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »