ANZAC දිනයේදී නිවු සවුත් වේල්ස් හි සේවා මුර අහිමිවීම් ගැන වාර්තාවක්

ANZAC දිනයේදී නිවු සවුත් වේල්ස් හි අංශ රැසක සේවකයන්ට සේවා මුර අහිමිවී ඇති බව නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

මෙවර ANZAC දිනය අගහරුවාදා දිනයක යෙදී තිබීම හමුවේ බොහෝ පිරිසක් සඳුදා සහ අගහරුවාදා යන දින දෙකෙහිම නිවාඩු වාර්තා කර ඇති බවයි හෙළිවන්නේ.

මෙයින් වැඩිම සේවකයන් පිරිසක් අයත්වී ඇත්තේ healthcare, retail, construction යන ක්ෂේත්‍රවලටයි.

අප්‍රේල් 24 වන සඳුදා දිනයේදී සේවා මුර 5,000 ක් අතුරින් සියයට 11.5 ක් පමණ ආවරණය වී නොමැති බව සඳහන්.

අප්‍රේල් 25 වන අගහරුවාදා දින එනම් දිනයේදී එම තත්වය තවත් බරපතල අතර පත්වී ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිකුත් කර ඇති සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »