Biden ජයග්‍රහණයට සූදානම් වෙද්දී Trump පාක්‍ෂිකයින් නැවත ඡන්දය ගණන් කරන ලෙස ඉල්ලයි!

Biden ජයග්‍රහණයට සූදානම් වෙද්දී Trump පාක්‍ෂිකයින් නැවත ඡන්දය ගණන් කරන ලෙස ඉල්ලයි!

Biden says he is winning enough states to win presidency as Trump campaign calls for recount!

මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ උණුසුම් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ අවසාන අදියර පසු කෙරෙමින් සිටී.

මෙම මැතිවරණයේ ප්‍රධාන අපේක්‍ෂකයින් වන වත්මන් ජනාධිපති Donald Trump සහ ඩිමොක්‍රටික් පක්‍ෂ අපේක්‍ෂක Joe Biden යන දෙපිල අතර තියුණු තරඟයක් පැවැති අතර මේ වන විට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව Joe Biden කොට්ඨාස 264ක් ජයලබා ඇති අතර Donald Trump හිමිකර ගෙන ඇති කොට්ඨාස ගණන 214කි.  Joe Bidenට තම ජයග්‍රහණය සඳහා ගත යුත්තේ කොට්ඨාස 6ක ජය පමණි.

Joe Biden ආධාරකරුවන්ට පවසන්නේ මැතිවරණ ජයග්‍රහණය බොහෝ දුරට තමා අතට තමා අතට පත් වන බවයි.

කෙසේවෙතත්, තම ප්‍රතිවාදියා වූ ජනාධිපති Donald Trump පැය 24 කටත් අඩු කාලයකට පෙර කළ ජයග්‍රහණය ගැන ප්‍රකාශ කිරීම ලැජ්ජාව කරුණක් බව සඳහන් කලේය​.

“අපි ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කිරීමට මම මෙහි නොපැමිණෙමි, නමුත් මම මෙහි පැමිණියේ ඡන්ද  ගණන් කිරීම අවසන් වූ විට, අපි ජයග්‍රාහකයින් වනු ඇතැයි අපි විශ්වාස කරන බව පැවසීමටයි.”Biden සිය රැලියේදී ආධාරකරුවන්ට පැවසීය.

කෙසේ වෙතත්, Donald Trumpගේ පාක්‍ෂිකයින් උද්ඝෝෂණය කරමින් පවසන්නේ ඔවුන්ට ඡන්ද ප්‍රතිඵල පිලිගත නොහැකි බවත් නැවත ඡන්ද ගණන් කරන ලෙසත්‍ ය​.

 

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »