සිඩ්නි වරාය පාලම යටින් පළමු වරට අත්හදා බැලීමේ දුම්රියක්

සිඩ්නි වරාය පාලම යටින් පළමු වරට අත්හදා බැලීමේ දුම්රියක් ධාවනය කරවා තිබෙනවා.

නව මෙට්‍රෝ දුම්රිය 02 ක් ධාවනය කිරීමට අදාළව මාස 03 කට ආසන්න කාලයක් මෙම අත්හදා බැලීම් සිදු කෙරෙනු ඇති.

දැනට පැයට කිලෝමීටර් 25 ක වේගයෙන් මෙම අත්හදා බැලීම් සිදු කෙරෙන නමුත් ඉදිරියේදී එය පැයට කිලෝමීටර් 110 ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

මගීන් යොදාගෙන අත්හදා බැලීම් ධාවනය ලබන වසරේදී ආරම්භ කෙරෙනු ඇති.

සිඩ්නි වරාය පාලම ආශ්‍රිතව නම උමං දුම්රිය ස්ථාන 07 ක් ද මේ යටතේ ඉදිකිරීමට නියමිතව තිබෙනවා.

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »