මෙල්බන් ට්‍රෑම් රථයකදී තරුණියන් දෙදෙනෙකුට ලිංගික අතවර කල අයෙකු සොයා විමර්ශන

මෙල්බන් ට්‍රෑම් රථයකදී තරුණියන් දෙදෙනෙකුට ලිංගික අතවර කල පුද්ගලයෙකු සොයා වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

13 සහ 14 හැවිරිදි මෙම තරුණියන් දෙදෙනා පසුගිය පෙබරවාරි පළමුවනදා මෙල්බන් සිට දකුණු මෙල්බන් දක්වා ධාවනය වූ අංක 12 ට්‍රෑම් රථයේ ගමන් කරන විටයි මෙම සිදුවීමට මුහුණ පා තිබුණේ.

එහිදී වෙනත් මගියෙකු විසින් මෙම තැනැත්තාට පහරදීමක් සිදුකර ඇති බවද සඳහන්.

35 ත් 45 ත් අතර වයසැති සැකකරුගේ ඡායාරූපයක් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඔහු පිළිබඳ දන්නා අයෙකු වෙතොත් වහා ළගම ඇති පොලිස් ස්ථානයට හෝ වික්ටෝරියා ප්‍රාන්ත පොලිසියට දැනුම් දෙන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »