ඉදිරි තරගාවලි 02 කට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කරයි

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සහ අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

ජුනි 07 වනදා ඉන්දියාව සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිත අතර අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එංගලන්තය සමග ජුනි 16 වනදා ආරම්භවීමට නියමිතයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ඒ සඳහා නම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සුපිරි ආරම්භක පිතිකරුවෙකු වන ඩේවිඩ් වෝනර් ද එම සංචිතයට ඇතුළත්.

ඔහු මෙම තරගාවලි දෙකෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය පහතින්.

Pat Cummins (captain)
Scott Boland
Alex Carey
Cameron Green
Marcus Harris
Josh Hazlewood
Travis Head
Josh Inglis
Usman Khawaja
Marnus Labuschagne
Nathan Lyon
Mitchell Marsh
Todd Murphy
Matthew Renshaw
Steve Smith (vice-captain)
Mitchell Starc
David Warner

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »