අහක දාන ටින්, බෝතල් වලට ඩොලර් දෙන්න වික්ටෝරියා ප්‍රාන්තය සූදානම් වේ.

අහක දාන ටින්, බෝතල් වලට ඩොලර් දෙන්න වික්ටෝරියා ප්‍රාන්තය සූදානම් වේ.

Proposed Victorian cash for cans scheme unveiled ahead of 2023 rollout.

වික්ටෝරියානු රජය  දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි බහාලුම් තැන්පතු ක්‍රමය(container deposit scheme) 2023 දී එළිදැක්වීමට සැලසුම් කර ඇති අතර මේ සඳහා වික්ටෝරියානුවන්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට දිරිගන්වනු ලැබේ.

දැනට​ මෙවැනි බහාලුම් තැන්පතු යෝජනා ක්‍රමයක් (CDS) නොමැති එකම ප්‍රාන්තය වික්ටෝරියා ප්‍රාන්තය වේ.

ප්‍රාන්ත රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව යටතේ, වික්ටෝරියානුවන්ට සෑම හිස් කෑන් එකක් ,කුඩා බෝතලයක් හෝ පෙට්ටියක්  සඳහාම ඩොලර් ශත 10 ක් අයකර ගැනීමට හැකි වේ.

ප්‍රාන්තය පුරා එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස සාප්පු සහ drive-through depots යන ස්ථාන හඳුන්වා දේ.

යෝජිත ආකෘතිය යටතේ, වික්ටෝරියානු රජය නියාමන අධීක්ෂණයක් ලබා දෙන අතර, යෝජනා ක්‍රමයේ ක්‍රියාකාරිත්වය කළමනාකරණය කිරීම සඳහා බීම කර්මාන්තය සම්බන්ධ වනු ඇත.

වැඩි විස්තර සඳහා සහ මේ පිළිබඳව ඔබගේ අදහස් පල කිරීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න​.

engage.vic.gov.au/container-deposit-scheme

වැඩිම බදු අනුපාතයක් සහිත සංවර්ධිත රටවල් අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

පසුගිය වසරේ බදු වැඩිවීමෙන් ඔස්ට්‍රේලියානු කම්කරුවන් දැඩි පීඩාවකට පත් වූ බව ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »