Greater Sydney හැර ක්වීන්ස්ලන්ත දේශසීමා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා විවෘත වේ.

Greater Sydney හැර ක්වීන්ස්ලන්ත දේශසීමා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා විවෘත වේ.

Queensland borders will open to NSW, except Greater Sydney.

ක්වීන්ස්ලන්තය සිය දේශ සීමාව නිව් සවුත් වේල්ස් වෙත නොවැම්බර් 3 වනදා අලුයම 1.00 සිට විවෘත කරන නමුත් එය Greater Sydney සහ වික්ටෝරියා ප්‍රාන්තය සඳහා වසා තබනු ඇතැයි ක්වීන්ස්ලන්ත අගමැති Annastacia Palaszczuk පවසයි.

දකුණු පළාත්වල කොරෝනා වයිරසයේ ප්‍රජා සම්ප්‍රේෂණය වීම ගැන සැලකිලිමත් වන ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවත් ප්‍රාන්ත මැතිවරණය ආසන්නයේ දී ගත් තීරණයක් බවත් Palaszczuk පැවසුවාය.

මේ අතර නිව් සවුත් වේල්ස් අගමැතිGladys Berejiklian පවසන්නේ ක්වීන්ස්ලන්තයේ දේශසීමා තම​ ප්‍රාන්තයේ සෑම කෙනෙකුටම විවෘත නොවීම ගැන තමා කලකිරීමට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත්, කලාපීය NSW හි පදිංචිකරුවන්ට නොවැම්බර් 3 සිට ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර ලැබේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණයට දිනකට පෙර සෞඛ්‍ය විශේෂඥයින් හමුවීමෙන් පසු Palaszczuk මේ බව ප්‍රකාශ කළාය.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »