නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පන්දුවාර විස්සයි විස්ස පළමු තරගයෙන් තියුණු ජයක් ලබා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් තරගයේ ජය තීරණය කෙරුණේ සුපිරි පන්දු වාරයකිනුයි.

තරගයේ කාසියේ වාසිය නවසීලන්ත නායකයා විසින් දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කලා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 05 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 196 ක්.

කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 53 යි.

චරිත් අසලංක ළකුණු 67 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 25 ක් රැස් කලා.

ජයග්‍රාහී ලකුණු 197 ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 08 ක් දැවී ළකුණු 196 ක් රැස්කළා.

ඒ අනුව ළකුණු සමවීමත් සමග සුපිරි පන්දු වාරයක් මගින් තරගයේ ජය පැරදුම තීරණය කෙරුණා.

එහිදී නවසීලන්ත කණ්ඩායම සිය සුපිරි පන්දු වාරයේදී රැස්කළේ ලකුණු 08 ක් පමණයි.

නමුත් ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු පන්දු 03 ක් තුළදී ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »