අගමැති ඇල්බනීස් චාර්ල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට

03 වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගීවන බව අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් තහවුරු කර තිබෙනවා.

මැයි 06 වනදා ලන්ඩන් නුවර පැවැත්වෙන උත්සවයට ආණ්ඩුකාර ජනරාල් ඩේවිඩ් හර්ලි ද සහභාගී වනු ඇති.

බකිංහැම් මාළිගය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ද ඇතුලු ඉහළ පෙලේ පුරවැසියන් කණ්ඩායමක්ද මෙම උත්සවයට සහභාගීවීමට නියමිතව තිබෙනවා.

බ්‍රිතාන්‍ය – ඔස්ට්‍රේලියා අගමැතිවරුන් අතර නිල සාකච්ඡාවක්ද මෙහිදී සංවිධාන කර ඇති බව සඳහන්.

02 වන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවයටද අගමැති ඇන්තනී ඇල්බනීස් සහභාගී වූණා.

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »