ස්වදේශික නියෝජන පණත් කෙටුම්පත පහළ මන්ත්‍රී මණ්ඩලයට

ස්වදේශික ජනතා නියෝජනය ෆෙඩරල් පාර්ලිමේන්තුවට ගෙනඒමට අදාළ පණත් කෙටුම්පත පහළ මන්ත්‍රී මණ්ඩලයට අද ඉදිරිපත් කෙරුණා.

එය ඉදිරිපත් කරමින් නීතිපතිවරයා සඳහන් කලේ අතීතයේ සිට ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ පැවති වරදක් මෙමගින් නිවැරදි වන බවයි.

වසර 60,000 කට අධික කාලයක් පුරා ඔස්ට්‍රේලියානු භූමිය නිජබිම බවට පත්කරගෙන සිටි ජනතාවට නිසි හිමිකම් ලබාදීම මේ හරහා සිදුවන බවද ඔහු අවධාරණය කලා.

මෙම පණත් කෙටුමප්ත පාර්ලිමේන්තුවේදී ඉහළින්ම සම්මත වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

අනතුරුව ලබන ඔක්තෝබර් සහ දෙසැම්බර් අතරදී පවත්වනු ලබන ජනමත විචාරණයෙන්ද ඊඨ අනුමැතිය ලදහොත් ස්වදේශික ජනතාව වෙනුවෙන් ස්ථිර නියෝජනයක් ඔස්ට්‍රේලියා ෆෙඩරල් පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතයි.

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »