සංගීත් නිපුන් සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙකු වන සංගීත් නිපුන් සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මිය යන විට ඔහුගේ වයස අවුරුදු 81 ක්.

“ඇවුළුණු ගිනි දැල් නිවි නිවි යද්දී ” ගීතය ගයමින් සනත් නන්දසිරි සූරීන් ජනප්‍රියතාවයකට හා රසික ප්‍රසාදයකට පාත්‍ර විය.

ඉතා ශූර තබ්ලා වාදකයකු වශයෙන් තම සංගීත දිවිය ඇරඹි සනත් නන්දසිරි සූරීන් අමරදේවයන්ගෙන් බොහෝ දේ උගත්තේය.

ඉන් පසු ඉන්දියාවේ ලක්නව් නුවර ශාන්ති නිකේතනයට ගොස් තම හැකියාවන්‍ වැඩි දියුණු කොට ගායනයෙන් හ වාදනයෙන් අගතැන්පත් වී විශාරදයෙකු බවට පත් විය.

” මම නම් ආසයි අහන්න නයනා”, “.මා හද අසපුව”, ” මේ ප්‍රථම වසන්තයයි”, ” හිච්චි නඟේ”, ” මුළු ලොව මගෙන් අසාවී”, ” විකසිත වත කමලේ”, ” ශීත රෑ වසන්තෙ”, ” ඈත එපිට ගම්මානෙන් නැඟ එන”, “එක යායට මල් පීදුණු බිම් තීරේ”, ” ආදර සැමරුම්”, ” වාසනා වේවා “, ” පෙමාතුර හැඟුම්”, ” දේදුන්නෙන් එන”, ” සඳලු තලේ හිඳ”, ” ආදරේ නෑ ආදරේ කවුරුවත් නෑ ආදරේ”,” දිනෙන් දින”, ” සමුගන්නදෝ ආයෙ හමුවන්නදෝ”, “මහද පෙම් විලේ”, කිසිවක් නොකියන”, ” මහද වීණා”, ” තුන් මං හන්දිය”, ” ඇගෙ සුවඳ පිරුණු පුංචි කාමරෙ”, ” වරඳක් කළත් සිතකින් නොවේ”, ” ගීතා දයාබර ගීතා” , ” දඟකාර ඔය දෑස දුටුවා එදා” වැනි අතිශය ජනප්‍රිය ප්‍රේම ගීත මෙන්ම ” ශීත රෑ යමේ අඳුරෙ” ගීතය, විස්මය චිත්‍රපටයට ගැයූ ” ලස්සන නම් නෑ පෙනෙන්නේ”, ධර්මසේන පතිරාජයන්ගේ ” අහස් ගව්ව” චිත්‍රපටයට ගැයූ ” එන්න මගේ ප්‍රිය මිතුරෝ” ගීතය ඇතුළු බෙහෝ ගීත ගණනාවක්ම එතුමන් ගායනා කළේය. සංගීතවත් කළේය.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »