ඕස්ට්‍රේලියාව පුරා Coles, Woolworths හි විකුණූ ප්‍රෝටීන් ආහාරයක් පිළිබඳ​ පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමක්!

ඕස්ට්‍රේලියාව පුරා Coles, Woolworths හි විකුණූ ප්‍රෝටීන් ආහාරයක් පිළිබඳ​ පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමක්!

Protein balls sold at Coles, Woolworths stores nationally urgently recalled!

සුපිරි වෙළඳසැල්වල සහ ස්වාධීන ආහාර සිල්ලර වෙළෙන්දන් තුළ විකුණන ප්‍රෝටීන් බෝලවල (protein balls) ප්ලාස්ටික් මිශ්‍ර වී ඇති බවට අනාවරණය වීමත් සමඟ​ හදිසියේම නැවත කැඳවනු ලැබේ.

Bounce Protein Ball කජු කැරමල් 40g යන නිෂ්පාදනයේ මව් සමාගම වන Natural High Co. Pty Ltd විසින් එම නිෂ්පාදන​ නැවත කැඳවනු ලැබුවේ විදේශීය ද්‍රව්‍ය වන ප්ලාස්ටික් මිශ්‍ර වී ඇති බවට අනාවරණය වීම නිසාය.

මෙම නිෂ්පාදනය NSW, QLD, VIC, SA, WA, NT සහ TAS හි Coles, Woolworths සහ ස්වාධීන ආහාර සිල්ලර වෙළෙන්දන්ගෙන් IGA, 7-Eleven, Caltex, BP, EG Fuels,United Fuel සහ SAහි On the Run නැමති වෙළඳසැල් වල විකුණා ඇත​. එය ඕස්ට්‍රේලියාව පුරා ඇති ෆාමසි සහ අන්තර්ජාල සිල්ලර වෙළඳසැල් වලද විකුණා ඇත.

බලපෑමට ලක්වූ මෙම නිෂ්පාදනයේ best before date 21/07/21  සඳහන් වන අතර කාණ්ඩ අංක M2310 සිට ඉහල අගයන් ගේ මෙවැනි ප්ලාස්ටික් මිශ්‍ර ද්‍රව්‍ය තිබිය හැකි බවට සඳහන්. 

Food Standards Australia අනතුරු ඇඟවූයේ ප්ලාස්ටික් අඩංගු ඕනෑම නිෂ්පාදනයක් පරිභෝජනය ශරීරයට අහිතකර වන බවයි.

පාරිභෝගිකයින්ට මෙම නිෂ්පාදනය අනුභව නොකරන ලෙසත්, ඒ වෙනුවට සම්පූර්ණ ආපසු ගෙවීමක් සඳහා එය මිලදී ගත් ස්ථානයට නැවත ලබා දෙන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

වැඩි විස්තර සඳහා Food Standards වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »