491 වීසා සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව මෙල්බන් නාගරික කලාපයටත්

Skilled Work Regional (subclass 491) වීසා නාමයෝජනා සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව මෙල්බන් නාගරික කලාපයේ වාසය කරන්නන් සඳහාද ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙල්බන් නාගරික සහ Regional යන කලාපවල වාසය කරන සුදුසුකම් සහිත පුද්ගලයන්ටද 491 වීසා සඳහා අයදුම් කල හැකි වනු ඇති.

මෙතෙක් ඒ සඳහා අවස්ථාව ලබාදී තිබුණේ මෙල්බන් Regional කලාපයේ වාසය කරන අයට පමණයි.

කෙසේවෙතත් මෙම වීසා බලපත්‍රය නිකුත් කලහොත් නම් කරන Regional ප්‍රදේශයක වාසය කරමින් රැකියාවෙහි නිරතවීමට සුදුසුකම් ලත් වීසා අයදුම්කරුවන් සුදානම් විය යුතුයි.

වසර 03 ක කාලයක් එලෙස රැකියාවෙහි නිරතවීමෙන් පසු ඔවුන්ට 191 (Skilled Regional) වීසා කාණ්ඩය යටතේ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කල හැකියි.

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක ජනතාවට පීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අපදා මධ්‍යස්ථාන බලධාරීන් පවසනවා.

Read More »

මෙල්බන් සරසවියේ කඳවුරු බැඳපු සිසුන්ට අනතුරු ඇඟවීමක්

විරෝධතා නතර කර සරසවි ගොඩනැගිලිවලින් ඉවත් නොවන්නේ නම් විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරීමට සිදුවන බවට මෙල්බන් විශ්ව විද්‍යාලයේ විරෝධතාවයේ නිරත පලස්තීන හිතවාදී සිසුන්ට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

Read More »

හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය අතරින් පළමු තැන ඔස්ට්‍රියාවට

යුරෝපයේ හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය ශ්‍රේණිගත කිරීම් අතර ඔස්ට්‍රේලියානු ගුවන් සේවා කාර්ය මණ්ඩලය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »