ඩොලර් මිලියන 7 ක මුදලක් වැය වූ ඕස්ට්‍රේලියානු COVIDSafe app මඟින් සොයා ගත් කොරෝනා සබඳතා ගණන​ හෙලි වේ.

ඩොලර් මිලියන 7 ක මුදලක් වැය වූ  COVIDSafe app මඟින් සොයා ගත් කොරෝනා සබඳතා ගණන​ හෙලි වේ.

COVIDSafe app detected just 17 contacts not found by manual tracers after $7 million spent on advertising.

COVIDSafe යෙදුම පිළිබඳ ඕස්ට්‍රේලියානු අගමැති කියා සිටියේ නිවසින් එලියට යන විට හිරු ආවරණයට යොදන ආලේපන මෙන් මෙම යෙදුමද තමන් ව ආරක්‍ෂා කරන ලෙසයි. නමුත් වෙළඳ දැන්වීම් සඳහා ඩොලර් මිලියන 7 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර එය සම්බන්ධතා 17 ක් පමණක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ක්වීන්ස්ලන් ​ සෞඛ්‍ය අමාත්‍ය Steven Miles විසින් මෙම යෙදුම “නිෂ්ඵල​” ලෙස​ හඳුන්වා ඇති අතර​ Shadow සෞඛ්‍ය අමාත්‍ය Chris Bowen විසින් “අසාර්ථකයි” ලෙස ලේබල් කර ඇත.

වික්ටෝරියා හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය Brett Sutton පැවසුවේ “එය අප බලාපොරොත්තු වූ ප්‍රතිඵල​ ප්‍රමාණයක් ලබා දී නැති බවයි.

සෙනෙට් ඇස්තමේන්තුවකින් හෙළි වූයේ යෙදුමෙන් සම්බන්ධතා 17 ක් පමණක් හඳුනාගෙන ඇති බවයි.
මෙම යෙදුම අප්‍රේල් මාසයේදී දියත් කළ විට අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ “ COVIDSafe ඕස්ට්‍රේලියාවට ප්‍රවේශ පත්‍රයක්” බවයි.

ඊයේ(27/10) සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් Caroline Edwards අනාවරණය කළේ “2019-2020 දී COVIDSafe යෙදුම් විශේෂිත වෙළඳ දැන්වීම් සඳහා ඩොලර් මිලියන 6.95 ක් වැය වූ” බවයි.

මෙම යෙදුම අප්‍රේල් මාසයේදී දියත් කරන ලද අතර, ජුනි මස අවසානය දක්වා ප්‍රචාරණ කටයුතු දිගටම පැවතුණි. යෙදුම ප්‍රචාරණය කිරීම සඳහා කොපමණ මුදලක් වැය කර ඇත්දැයි එලි දැක්වීම​ රජය මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණි.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »