බ්‍රිස්බන් CCTV කැමරා ඉල්ලීම් 300% කින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් නගරයේ නිවාසවල සී සී ටී වී කැමරා සවිකිරීම ඇතුලු ආරක්ෂණ ක්‍රම සඳහා යොමුවන නිවාසවාසීන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේදී නිවාස මංකොල්ලකෑම් සීඝ්‍රයෙන් ඉහළගොස් තිබීමයි ඊට හේතුව වන්නේ.

බ්‍රිස්බන් නගරයේ ඇතැම් ආරක්ෂක කැමරා සමාගම් පවසා ඇත්තේ පසුගිය සතියේදී පමණක් සී සී ටී වී කැමරා සවි කිරීමේ ඉල්ලීම් සංඛ්‍යාව සියයට 300 කින් පමණ ඉහළගොස් ඇති බවයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ක්‍රියාත්මක නිවාස ආරක්ෂණ නීති ශක්තිමත් නොමැති බවටද මේ අතර චෝදනා එල්ලවනවා.

1971 වසරේ සිට බලාත්මක පුද්ගලික රහස්‍ය නීති මාලාව වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කල යුතු බවයි පාර්ශව රැසක් අවධාරණය කරන්නේ.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »