මෙල්බන් – සිඩ්නි ලොව කාර්ය බහුලම ගුවන් ගමන් මාර්ග අතරට

ලොව කාර්ය බහුලම අභ්‍යන්තර ගුවන් ගමන් මාර්ග අතර 05 වන ස්ථානයට මෙල්බන් සහ සිඩ්නි අතර ගුවන් මාර්ගය පත්වී තිබෙනවා.

පසුගිය මාසයේදී එම නගර දෙක අතර ගමන් ගත් ගුවන් මගීන් සංඛ්‍යාව 702,744 ක් බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

ලොව කාර්ය බහුලම අභ්‍යන්තර ගුවන් මාර්ගය බවට දකුණු කොරියාවේ ජේජු සහ සෝල් නගර අතර ගුවන් මාර්ගය පත්වී තිබෙනවා.

පසුගිය මාසයේදී එම නගර දෙක අතර ගමන් ගත් ගුවන් මගීන් සංඛ්‍යාව ලක්ෂ 12 කට ආසන්නයි.

ජපානය දෙවන ස්ථානයටත් වියට්නාමය 03 වන ස්ථානයටත් පත්වී තිබෙවනවා.

ලොව කාර්ය බහුලම ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගය බවට පත්වී ඇත්තේ සිංගප්පූරුව සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර අතර මාර්ගයයි.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »