ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක පැට් කමින්ස් ගේ මව අභාවප්‍රාප්ත වෙයි

ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක පැට් කමින්ස් ගේ මව වන මාරියා කමින්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ සිඩ්නි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඉන්දීය තරග සංචාරයේදී 02 වන සහ 03 වන ටෙස්ට් තරගවලින් ඉවත්ව නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට පැට් කමින්ස් කටයුතු කලේද මවගේ රෝගී තත්වය හේතුවෙනුයි.

මේ අතර අහමදාබාද් හිදී ආරම්භ වූ 04 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කලු පටි පැළඳ ශෝකය පළකිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් කටයුතු කර තිබෙනවා.

සිය මවගේ අභාවය හමුවේ, ලබන 17 වනදා ආරම්භවීමට නියමිත ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියෙන්ද පැට් කමින්ස් ඉවත්ව ඇති බව ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය සඳහන් කරනවා.

උණුසුම් කාලගුණය නිසා ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »