NSW ප්‍රාන්තවාසීන්ට ලබන සතිය ගැන අවවාදයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ලබන සතියේදී ඉතා දැඩි උණුසුම් කාළගුණයක් පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ අනුව ප්‍රාන්තයේ ඇතැම් ස්ථානවල සෙල්සියස් අංශක 40 ඉක්මවූ කාළගුණයක් පවතිනු ඇති බව සඳහන්.

ලබන සඳුදා සිඩ්නි නගරයේ උෂ්ණත්වය අංශක 35 කට ආසන්න වනු ඇති අතර නිවු සවුත් වේල්ස් බටහිර ප්‍රදේශවල උෂ්ණත්වය අංශක 38 ක් පමණ විය හැකියි.

මෙම උණුසුම් කාළගුණයත් සමග බොහෝ ප්‍රදේශවලට ලැව්ගිනි අනතුරු ඇගවීම් ද නිකුත් කර තිබෙනවා.

ළමුන් – වැඩිහිටි ජනතාව මෙන්ම අවධානම් කාණ්ඩවල ජනතාවට හැකිතාක් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙසටයි බළධාරීන් විසින් උපදෙස් දී සිටින්නේ.

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »