කලාපීය වික්ටෝරියා සඳහා කොරෝනා නීති ලිහිල් වෙද්දී මෙට්‍රොපොලිටන් මෙල්බන් හි ලිහිල් කිරීම් ගැන නිවේදනය කල් යයි.

කලාපීය වික්ටෝරියා සඳහා කොරෝනා නීති ලිහිල් වෙද්දී මෙට්‍රොපොලිටන් මෙල්බන් හි ලිහිල් කිරීම් ගැන නිවේදනය කල් යයි.

There will be no announcement on easing of restrictions today in Victoria.

වික්ටෝරියා හි සක්‍රීය කොරෝනා වයිරස් රෝගීන් 100 ක් ඇත. ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 7කි. එම අවස්ථා හතෙන් හයක්ම උතුරු මෙල්බන් ප්‍රදේශය හා සම්බන්ධ සිද්ධීන් වන අතර අනෙක් ආසාදිතයා සෞඛ්‍ය සේවකයෙකි.

රෝහල් ගත කර සත්කාර ගන්නා පිරිස 7කි. නමුත් ඔවුන් ගෙන් කිසිවෙකු දැඩි සත්කාර අංශයේ නැත​.

ඊයේ සිට මේ දක්වා පරීක්ෂණ 12,894 ක් පවත්වා තිබේ.

සෞඛ්‍ය සේවකයින් 8 දෙනෙකු සක්‍රීය රෝගීන් වන අතර, ඔක්තෝබර් 24 දක්වා කොරෝනා ආසාදිතයින් ගේ සාමාන්‍ය අගය මෙට්‍රොපොලිටන් මෙල්බර්න්හි 4.6 ක් ද, කලාපීය වික්ටෝරියා හි 0.2 ක් ද වේ.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසන්නේ මෙය උතුරු මෙල්බර්න් හි අතිරේක පරීක්ෂණ මගින් බලාපොරොත්තු වූවාට වඩා ආසාදන නොමැති බව තහවුරු කර ගැනීම සඳහා “ප්‍රවේශම් සහගත විරාමයක්” පමණක් බවයි.

“මෙය පසුබෑමක් නොවේ. එය හුදෙක් බලා සිටීම හා දත්ත මෙහෙයවීම, විද්‍යාව විසින් මෙහෙයවීම සහ මහජන සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම” යැයි අගමැති Daniel Andrews පැවසීය.

“මෙල්බර්න් අගනගරය විවෘත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට පෙර​ දින දෙකක  “ප්‍රවේශම් සහගත විරාමයක්” ගත යුතු බව Andrews පැවසීය​. මේ අනුව​, තව දින දෙකක් නිශ්චිත නිවේදන නිකුත් කිරීම සඳහා බලා සිටිය යුතු වේ. 

ඒ අතර අඟහරුවාදා රාත්‍රී 11:59 සිට කලාපීය වික්ටෝරියා සඳහා පහත කොරෝනා නීති ලිහිල් කල බවට සඳහන් වේ.

  • ජිම්(Gym) නැවත විවෘත වේ. මේවාට fitness studios ඇතුළත්.උපරිම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකුට අවසර දෙනු ඇත.
  • ගෘහස්ථ ඇදහිලි රැස්වීම් සඳහා පුද්ගලයින් 20 දෙනෙකු (ආගමික​ ඇදහිලි නායකයෙකු) සමඟ ඉදිරියට යා හැකිය.
  • එළිමහන් ඇදහිලි රැස්වීම්වලට පුද්ගලයන් 50 ක් සිටිය හැකිය.
  • එළිමහන් අවමංගල්‍ය කටයුතු සඳහා පුද්ගලයින් 50 දෙනෙකුට අවසර දෙනු ලැබේ.
  • ගෘහස්ථ ප්‍රජා ක්‍රීඩා (වයස​ 18 ට අඩු අය සම්බන්ධ නොවී) ද ඉදිරියට යා හැකිය.

මෙල්බන් අවට ජනතාවට දුරකථන සංඥා ගැන පොරොන්දුවක්

වසර ගණනාවක සිට දුර්වල ජංගම දුරකථන සංඥා හේතුවෙන් අපහසුතාවන්ට පත්ව සිටි මෙල්බන් අවට ජනතාවට දුරකථන කුළුණක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන්න වීසා ගන්න බලාගෙන ඉන්න අයට උපදෙසක්

ඔස්ට්‍රේලියානුවන්ට මාර්ගගත වීසා වංචාවලින් ප්‍රවේශම් වන ලෙස උපදෙස් මාලාවක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

Read More »

ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

Read More »

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »