දුරකථන හා Seat belts නිසා QLD රජයට $ මිලියන 159 ක ආදායමක්

රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතය සහ ආසන පටි නොපැළඳීම යන චෝදනා සම්බන්ධයෙන් කැමරා නිරීක්ෂණය මගින් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයට මාස 12 කදී ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 159 ඉක්මවා ගොස් තිබෙනවා.

රියදුරන් සහ ඉදිරිපස ගමන් කරන්නන් 170,000 ක් පමණ එලෙස හඳුනාගෙන ඇති අතර රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කල 119,862 දෙනෙකු සහ ආසන පටි නොපැළඳ ඉදිරිපස ගමන් කල 52,542 දෙනෙකු ඒ අතර වනවා.

අදාළ රියදුරන්ට ඩොලර් 1078 ක් බැගින් වන දඩ නියම කර ඇති අතර අප්‍රසාද (demerit points) ළකුණු 04 ක්ද හිමිවනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ස්ථාපිත කල නව කැමරා මගින් හඳුනාගත් පුද්ගලයන්ට දඩ නියම කිරීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය වසර් නොවැම්බර් 01 වනදායි.

ගතවු වසරක කාලය තුළදී රිය අනතුරු හමුවේ ඔස්ටේ්‍රලියා මහා මාර්ගවල සිදුවූ මරණ සංඛ්‍යාව 1,196 ක්.

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »