ධනුෂ්කත් පටලැවුණු Tinder App එකට වෙන්න යන දේ

ලිංගික හිංසන සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සිදුවීම් අවම කිරීම සඳහා නව ආරක්ෂණ ක්‍රමවේද කිහිපයක් හඳුන්වාදීමට ජනප්‍රිය dating ඇප්ලිකේෂනයක් වන ටින්ඩර් (Tinder) සූදානම් වනවා.

ඔස්ටේ්‍රලියාව පුරා ලක්ෂ 30 කට අධික පිරිසක් dating ඇප්ලිකේෂන භාවිත කරන අතර ඉන් 3/4 ක් සයිබර් හිංසන මෙන්ම කායික හිංසනවලට ලක්වන බව සඳහන්.

ටින්ඩර් ඇප්ලිකේෂනයට හඳුන්වාදීමට යෝජිත නව ආරක්ෂණ ක්‍රමවේද අතරට භාවිත කරන්නාගේ අනන්‍යතාවය ආරක්ෂාවන පියවර කිහිපයක්ද ඇතුළත්.

පළමු අධියරේදී මෙම පහසුකම හිමිවන්නේ මුදල් ගෙවා සේවාව ලබාගන්නා පරිශීලකයන්ට පමණයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැණුනේද ටින්ඩර් ඇප්ලිකේෂනය හරහා හඳුනාගත් තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට අදාළවයි.

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »