ඔස්ටේ්‍රලියානුවන්ට 05 වන කොවිඩ් මාත්‍රාව ඉදිරි සති කිහිපය තුළ

වැඩිහිටි ඔස්ටේ්‍රලියානුවන් වෙනුවෙන් 05 වන කොවිඩ් මාත්‍රාව ලබාදීම ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කිරීමට තීරණය වි තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සඳහන් කලේ ප්‍රතිශක්තීකරණය සඳහා වන ඔස්ටේ්‍රලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායමේ නිර්දේශය මත ෆෙඩරල් රජය විසින් මෙම තීරණය ගත් බවයි.

ගතවූ මාස 06 තුළදී බූස්ටර් මාත්‍රාව ගෙන නොමැති හෝ කොවිඩ් වෛරසය වැළඳී නොමැති වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා ලබන 20 වනදා සිට මෙම එන්නත ලබාගත හැකියි.

දැනටමත් එන්නත් මාත්‍රා මිලියන 04 ක් රට තුළ පවතින අතර ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ඉලක්ක කර ඉදිරියේදී තවත් මාත්‍රා රටට ගෙන්වීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කලා.

පසුගිය මාසය වනවිට මෙරට සුදුසුකම් ලත් ජනගහණයෙන් මාත්‍රා 03 ක් ලබා තිබු ප්‍රතිශතය සියයට 72 ක් වූණා.

මාත්‍රා 04 ක් ලබා තිබූ ප්‍රතිශතය සියයට 44 ක් හෙවත් ලක්ෂ 54 කට ආසන්නව පැවති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »