භූමිකම්පාවෙන් පීඩාවට පත් තුර්කියට ඔස්ටේ්‍රලියාවෙන් $ මිලියන 10 ක්

භූමිකම්පාවෙන් පීඩාවට පත්ව සිටින තුර්කි ජනතාව වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක මානුෂීය ආධාර සැපයීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩ සඳ සංවිධානය හරහා එම ප්‍රතිපාදන ලබාදීමට නියමිත බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.

රික්ටර් මාපකයේ ඒකක 7.8 ක ප්‍රබල භූ චලනයක් ඊයේ අලුයම තුර්කියට බලපෑ අතර පැය කිහිපයකට පසු රික්ටර් මාපකයේ ඒකක 7.5 ක තවත් භූමිකම්පාවක්ද හටගෙන තිබුණා.

මෙම කම්පන හමුවේ දැනට තහවුරු වී ඇති මරණ සංඛ්‍යාව 3500 කට ආසන්න වන අතර එය තවත් කිහිප ගුණයකින් වැඩිවිය හැකි බවටයි සහන සේවා කණ්ඩායම් අනතුරු අගවන්නේ.

තුර්කිය මෙන්ම සිරියාවටද මෙහි බලපෑම් එල්ල වී තිබු අතර හානියට පත් ගොඩනැගිලි සංඛ්‍යාව 5600 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අතර තුර්කි ජනතාව වෙනුවෙන් නවසීලන්තය විසින් ද ඩොලර් මිලියන 1.5 ක ආධාර මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »