මෙඩිබෑන්ක් ගණුදෙනුකරුවන්ට තවත් $ මිලියන 266 ක ප්‍රතිලාභ

සිය ගණුදෙනුකරුවන්ට තවත් ඩොලර් මිලියන 266 ක ප්‍රතිලාභ පිරි නැමීමට මෙඩිබෑන්ක් සෞඛ්‍ය රක්ෂණ සමාගම පියවර ගෙන තිබෙනවා.

කොවිඩ් සමයේ උපයන ලද ලාභයට අදාළව රක්ෂණ හිමියන්ට ප්‍රතිලාභ ගෙවීමේ වැඩපිළිවෙලේ එක් පියවරක් ලෙසයි එය ක්‍රියාත්මක කෙරෙන්නේ.

පසුගිය මාස 07 තුළදී මෙඩිබෑන්ක් රක්ෂණ හිමියෙකු ලෙස සිටි සුදුසුකම් සහිත පුද්ගලයන්ට මෙම අවස්ථාව උදාවනු ඇති.

මේ දක්වා මෙඩිබෑන්ක් විසින් පාරිභෝගිකයන්ට ලබාදී ඇති කොවිඩ් ලාභ ප්‍රතිලාභ ප්‍රමාණය ඩොලර් බිලියනයකට ආසන්නයි.

ඒ 2020 දී ඩොලර් මිලියන 195 ක් / 2021 දී ඩොලර් මිලියන 105 ක් සහ 2022 දී ඩොලර් මිලියන 443 ක් වශයෙනුයි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »