ඔස්ටේ්‍රලියාවේ අලුතින් නිවාස ඉදිකරන්නන්ට වැදගත් පණිවුඩයක්

ඔස්ටේ්‍රලියාවේ නව නිවාස ඉදි කරන්නන් අනපේක්ෂිත ප්‍රමාදයන්ට මුහුණදෙමින් සිටන බව නවතම වාර්තාවක් හෙළි කරනවා.

නව නිවසක් සඳහා ඇණවුමක් භාර දී මේ වනවිට බලා සිටීමට සිදුවන කාලය දින 400 ත් 450 ත් අතර වන බවටයි තක්සේරු කර ඇත්තේ.

කෙසේවෙතත් 2021 වසරේදී තමන් කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කරනු ලැබුවේ දින 260 කින් නිවසක් හිමිකර ගැනීමට බවයි නව නිවාස හිමියන් පෙන්වා දෙන්නේ.

මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මෙල්බන් නගරයේ බවද මෙහිදී සඳහන් කෙරුණා.

ඉදිකිරීම් සේවක හිගය ඇතුලු කරුණු කිහිපයකුයි මීට බලපා ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »