Alice Springs ඇල්කොහොල් තහණම ගැන අලුත් තීන්දුවක්

ජන ප්‍රජාව අතර ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමේ අරමුණ ඇතිව ඇලිස් ස්ප්‍රිංග්ස් (Alice Springs) නගරයට නැවත වරක් ඇල්කොහොල් සීමා පණවා තිබෙනවා.

ඒ අනුව ඇබොරිජින් ප්‍රජාව වාසය කරන කලාප 96 ක ඇල්කොහොල් අලෙවිය නැවත තහණම් වනු ඇති.

කෙසේවෙතත් අදාළ ජන කොට්ඨාශවල සියයට 60 කට වැඩි පිරිසක් එකගවුවහොත් නැවතත් ඇල්කොහොල් අලෙවි කිරීමට සිදුවනවා.

නොදර්න් ටෙරිටරි හි ක්‍රියාත්මක වූ ඇල්කොහොල් තහණම් ඉවත් කිරීමෙන් පසු ගැටුම් වැඩිවීමත් සමග ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉහළයාමක් වාර්තා වුණා.

ප්‍රචණ්ඩ සිදුවීම් – මංකොල්ල කෑම් සහ පුද්ගල පහරදීම් 2021 වසරට වඩා සියයට 50 කින් පමණ වැඩිවී ඇති බවයි සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »