මෙල්බන් ක්‍රවුන් කැසිනෝ නව නියමයන්

මෙල්බන් ක්‍රවුන් කැසිනෝ මධ්‍යස්ථානයේ ක්‍රීඩා කිරීම සඳහා පැමිණීමේදී නව නියමයන් කිහිපයක් පණවා තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට සෑම ඔස්ටේ්‍රලියානුවෙකුම තමන් පරාජයට පත්වීමට සූදානම් උපරිම මුදල දැනුම්දිය යුතුයි.

ක්‍රවුන් කැසිනෝ තුළ මුදල් අයථා භාවිත ඉහළව සිදුවන බවට පසුගියදා රාජකීය කොමිසමක් විසින් නිකුත් කල වාර්තාවක සඳහන්.

එහි අඩංගු නිර්දේශ අතර එක් නිර්දේශයකුයි මෙලෙස ක්‍රියාත්මක වන්නේ.

පැය 24 ක් තුළ සිදුකල හැකි උපරිම ගණුදෙනුවේ ප්‍රමාණය ඩොලර් 1000 ක් විය යුතු වනවා.

මේ අනුව ඔස්ටේ්‍රලියාව තුළ සූදු ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම නීති බලාත්මක ස්ථානය බවට මෙල්බන් ක්‍රවුන් කැසිනෝ පත්වනවා.

 

මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයෙකු සිඩ්නි ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට

ඩොලර් මිලියන 24ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග සිඩ්නි ගුවන්තොටුපලේදී ඇමරිකා ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 18 හැවිරිදි සැකකරු තම ගමන් මලුවල ස වා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 25ක පමණ ප්‍රමාණයක් රැගෙන පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. සිඩ්නි ගුවන් තොටුපළේදී දේශසීමා නිලධාරීන් විසින් සැකකාර තරුණයා සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇතැයි සඳහන්. ඔහුගේ ගමන් මලු දෙක තුල සුක්ෂම ලෙස ඇසුරුම් කර තිබූ මත්ද්‍රව්‍ය පාර්සල් 20කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා. ෆෙඩරල් පොලිසියේ

Read More »

ඔස්ට්‍රේලියානු අඩු ආදායම්ලාභී පවුල් වලට නව යෝජනාවක් ජුනි මස අවසානයේ

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

සිඩ්නි නිවසේ පිපිරීමෙන් පසු අතුරුදන් වූ කාන්තාව සොයන මෙහෙයුමේ අලුත්ම තත්වය

බටහිර සිඩ්නි හි වේලන් (Whalan) නිවාස සංකීර්ණයේ පිපිරීමෙන් පසු සුන්බුන් අතර සිරවී සිටින කාන්තාවක් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදු වෙමින් පවතිනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි අවි ගැන දැඩි තීරණයක්

පසුගියදා පර්ත්හි නිවසක කාන්තාවන් දෙදෙනෙකුට ජීවිත අහිමි කළ වෙඩි ප්‍රහාරයෙන් පසු ගිනි අවි සම්බන්ධයෙන් නව නීති ගෙන ඒමට බටහිර ඔස්ට්‍රේලියා රජය සැලසුම් කර තිබෙනවා.

Read More »