මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයෙකු සිඩ්නි ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට

ඩොලර් මිලියන 24ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග සිඩ්නි ගුවන්තොටුපලේදී ඇමරිකා ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

18 හැවිරිදි සැකකරු තම ගමන් මලුවල ස වා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 25ක පමණ ප්‍රමාණයක් රැගෙන පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සිඩ්නි ගුවන් තොටුපළේදී දේශසීමා නිලධාරීන් විසින් සැකකාර තරුණයා සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇතැයි සඳහන්.

ඔහුගේ ගමන් මලු දෙක තුල සුක්ෂම ලෙස ඇසුරුම් කර තිබූ මත්ද්‍රව්‍ය පාර්සල් 20කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

ෆෙඩරල් පොලිසියේ වාර්තා අනුව මෙම අයිස් මත්ද්‍රව්‍ය වල ඇස්තමේන්තුගත තනි වීදි වටිනාකම ඩොලර් මිලියන 24කට වඩා වැඩි බවට ගණන් බලා තිබෙනවා.

තහනම් මත් ද්‍රව්‍යක් ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී ඇති අතර ලබන ජුලි 24 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »