සිඩ්නි නගරයට වැටුණු වැස්ස වාර්තාවක් තියයි

අද පෙරවරු 9න් අවසන් වූ පැය 24ක කාලය තුළ සිඩ්නි නරගයට මාසයක පමණ වර්ෂාපතනයක් ඇද වැටී ඇතැයි කාලගුණ අංශ පවසනවා.

වඩාත්ම අඛණ්ඩ වර්ෂාපතනය වාර්තා වූයේ Observatory Hill ප්‍රදේශයෙන් වන අතර පැය 24 ක් තුළ මිලිමීටර් 142ක වර්ෂාපතනයක් එම ප්‍රදේශයට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එය සාමාන්‍යයෙන් සිඩ්නි නුවරට මාසිකව ලැබෙන මිලිමීටර් 133ක වර්ෂාපතනය ඉක්මවා යාමක්.

ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ ඩීන් නාරමෝර් ප්‍රකාශ කළේ සිඩ්නි සහ නැගෙනහිර තදාසන්න ප්‍රදේශවලට මාසයක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශ ජලයෙන් යට වූ අතර නගරයේ Richmond සිට Badgery’s Creek දක්වා ප්‍රදේශයේ මිලිමීටර් 25 ත් 50 ත් අතර වර්ෂාවක් ලැබුණු බව සඳහන්.

ඊයේ සවස 6 සිට හදිසි සේවා සඳහා ඇමතුම් 140ක් ලැබී ඇති අතර එම ඇමතුම්වලින් 106ක් පමණ සිඩ්නි අගනගර ප්‍රදේශයෙන් වීම විශේෂත්වයක්.

අද දිනයේ නිව් සවුත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල මිලිමීටර් 20 ක පමණ වර්ෂාපතනයක් ඇද හැලෙනු ඇතැයි අපේක්ෂා කරන අතර දැඩි වර්ෂාපතනය පහව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එළඹෙන සතිය ආරම්භයේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවනු ඇති බවට ද කාලගුණ අංශ පුරෝකථනය කර තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »