බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි අවි ගැන දැඩි තීරණයක්

පසුගියදා පර්ත්හි නිවසක කාන්තාවන් දෙදෙනෙකුට ජීවිත අහිමි කළ වෙඩි ප්‍රහාරයෙන් පසු ගිනි අවි සම්බන්ධයෙන් නව නීති ගෙන ඒමට බටහිර ඔස්ට්‍රේලියා රජය සැලසුම් කර තිබෙනවා.

රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත නීතිමය වෙනස්කම් යටතේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ චෝදනා එල්ලවන පුද්ගලයන්ගේ ගිනි අවි හිමිකාරීත්වය තහනම් කිරීමට නියමිතයි.

පර්ත් හි සිදු වූ ඝාතනයෙන් අනතුරුව අගමැති සහ පොලිස් ඇමති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ගිනි අවි පනතට සංශෝධන ගෙන ඒමට සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.

අදාළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ දියණිය පැවසුවේ තම පියා සම්බන්ධයෙන් පොලිසියට අවස්ථා තුනකදී අනතුරු ඇඟවීමට උත්සාහ කළ බවයි.

එම පුද්ගලයා බලපත්‍ර ලාභී ගිනි අවි හිමිකරුවෙක් වන අතර ඔහු සතුව ගිනි අවි 13ක් තිබූ බව සඳහන්.

බටහිර ඕස්ට්‍රේලියාවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත මඟින් එක් අයෙකුට තබා ගත හැකි ගිනි අවි ප්‍රමාණයට ද සීමා පැනවෙනු ඇති.

ප්‍රාන්ත රජය ගිනි අවි සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත මෙම නීති සැලකෙන්නේ සමස්ත ඔස්ට්‍රේලියාවේම ගිනි අවි පිළිබඳ ඇති දැඩිම නීති ලෙසටයි.

කිසියම් අයෙකු සම්බන්ධයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් වූ වහාම ඔහු සතුව ඇති ගිනි අවි ඉවත් කිරීමට නව නීති මගින් පොලිසියට හැකි වනු ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »