ඔස්ට්‍රේලියානු අඩු ආදායම්ලාභී පවුල් වලට නව යෝජනාවක් ජුනි මස අවසානයේ

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වාර්ෂික ආදායම ඩොලර් 80000 හෝ ඊට අඩු පවුල් සඳහා දැනට පවතින සහනාධාර සියයට 90 සිට සියයට 100 දක්වා සියලු පහසුකම් නොමිලේ ලබා දෙන ලෙසයි දන්වා ඇත්තේ.

මුල් ළමාවිය සංවර්ධනය සඳහා වු පුරප්පාඩු පිරවීම සඳහා වැඩි පිරිසක් ශ්‍රම බලකායට සම්බන්ධකර ගැනීමේ අරමුණින් මුල් ළමාවිය සංවර්ධන පහසුකම් නොමිලේ ලබා දීම වඩාත් සුදුසු බව ඵලදායිතා කොමිෂන් සභාව යෝජනා කර තිබෙනවා.

ළමාරක්ෂක සේවක හිඟය පියවීම සඳහා ගුරුවරුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට ඇති බාධා ඉවත් කිරීම, ගුරු අධ්‍යාපනය සඳහා නව ප්‍රවේශයන් අත්හදා බැලීම විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන තුල මේ සම්බන්ධ උපදේශණ සේවා පුලුල් කිරීම වැනි යෝජනා රැසක් ඵලදායිතා කොමිෂන් සභාව ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ මුල් ළමාවිය අධ්‍යාපන ශ්‍රම බලකාය පුළුල් නොකර අදාළ යොජනා ක්‍රියාත්මක කළ නොහැකි බවයි

මේ අතර ප්‍රාන්ත සහ ප්‍රදේශ රැසක පෙර පැසැල් ඇතුලු ළමා සුරැකුම් මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීම මගින් කාර්ය මණ්ඩල සඳහා වු ඉල්ලුම වැඩි කිරීමට ද හේතු විය හැකියි.

සෑම වසර තුනකට වරක් මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් පිළිබඳ විමසුමක් සිදු කල යුතු අතර ලාභය සහ පිරිවැය විමර්ශණය කිරීම වැදගත් බව කොමිසම විසින් ෆෙඩරල් රජයට දන්වා තිබෙනවා.

මේ සම්බන්ධ මහජන අදහස් හා උපදේශන සේවා ලබා ගැනීමේන් අනතුරු 2024 ජුනි මාසයේදී අවසන් වාර්ථාවක් කොමිසම විසින් ලබා දීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »