
පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය ගැනීමට සත්කාරක ඇමරිකා කණ්ඩායම අද සමත්වුණා.
ඒ ප්‍රතිවාදී කැනඩා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කරමින්.
ඇමරිකාවේ වේලාවෙන් රාත්‍රී 8.30ට ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක ඇමරිකාව තිරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කැනඩාවට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි කැනඩා කණ්ඩායම නියමිත පන්දවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 194ක් රැස් කළා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පැමිණි ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
